මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස මැතිවරණ කොධිඨාශයේ මාලිම්බඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශය පිහිටා ඇත. උතුරින් අකුරැස්ස ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන්ද, දකුණින් තිහගොඩ හා මාතර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද, නැගෙනහිරින් නිල්වලා නදියෙන්ද, බටහිරින් වැලිගම ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයෙන් දල මෙම බල ප්‍රදේශය පිහිටා ඇත. මාලිම්බඩ ප්‍රාදේශිය ලේකම් කොධිඨාශ බල ප්‍රදේශයත් ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයත් එකම සිමා වලින් මායිම් ඇත. බල ප්‍රදේශයේ විශාලත්වය වර්ග කි.මි. 44.7 කි. මෙම බල ප්‍රදේශය තුල ග්‍රාම සේවා වසම් 29 ක් පිහිටා ඇත.
මාලිම්ඩ ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ ජනගහනය 40439 කි. පුරුෂයන් 19343 කි. ස්ත්‍රින් 21096 කි. ජාතින් වශයෙන් සිංහල මුස්ලිම් ප්‍රධාන වශයෙන් ජිවත් මේ. ආගම් අනුවද බෞද්ධ හා ඉස්ලාම් භක්තිකයන් මෙම ප්‍රදේශයේ ජිවත් මේ. ආගමික ජනගහනය අනුව බලන විටදි 97.97% බෞද්ධයන් වන අතර 0.18% ක්‍රිස්තියානි භක්තිකයෝ වෙති. කොධිඨාශයේ වැඩිම ජනගහනය දක්නට ලැඛෙන්නේ කිරිමැටිමුල්ල දකුණ ග්‍රාම නිළධාරි වසෙමේ වන අතර අඩුම ජනගහනයක් ඇත්තේ නාපේ ග්‍රාම නිළධාරි වසම තුළය.
ශීග්‍රයෙන් වර්ධනය වන මාලිම්බඩ නගරයේ ජනතාවගේ පොදු පහසුකම් වැඩිදියුණු කිරීම සහ ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාසිටුවීම මගේ ප්‍රධාන අරමුණයි. මෙම අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා ප්‍රාදේශීය සභා වශයෙන් ගත හැකි සෑම පියවරක්ම ජය ගනිමින් ජනතාව වෙනුවෙන් සේවය දැඩි කැපවීමෙන් කටයුතු කරමි.
මම මාලිම්බඩ ප්‍රාදේශීය සභාව සඳහා නායකත්වය දෙමින් ඔබේ අවශ්‍යතා වෙනුවෙන් කටයුතු කරමි. ඔබට තාක්ෂණවේදය පදනම් කරගත් සේවාවන්හි විෂය පථය තව දුරටත් පුළුල් කිරීමට කටයුතු කරනු ඇත.
මෙයට
සභාපති
සෝමසිරි වීරමන්
මාලිම්බඩ ප්‍රාදේශීය සභාව
December 11, 2024
December 10, 2024
December 10, 2024
December 10, 2024
සියළු දේ එසැනින්
නො. 21/A/1,
මාලිම්බඩ ප්‍රාදේශීය සභාව,
මාලිම්බඩ, මාතර.
සඳුදා සිට සිකු: 08:00 – 06.00