ප්‍රාදේශීය ටෙන්ඩර් දැන්වීමයි.

මාලිම්බඩ ප්‍රාදේශීය සභාවට අයත් පහත උපලේඛණයේ සඳහන් දේපළ 2025.01.01 දින සිට 2025.12.31දින දක්වා වර්ෂයක කාල සිමාවකට බදු දීම සදහා මුද්‍රා තබන ලද ටෙන්ඩර් පත් 2024.12.24 දින ප.ව. 3.00 දක්වා භාර ගනු ලබන අතර 2024.12.26 දින පෙ.ව 10.30 ට මෙම කාර්යාලයේදි ටෙන්ඩර් පත් වීවෘත කරනු ලැබේ.

02.ටෙන්ඩර් පෝරම 2024.12.10 දින සිට 2024.12.24 දින ප.ව. 3.00 දක්වා මෙම  කාර්යාලයේදි ලබා ගත හැක.

  1. ටෙන්ඩර් පෝරම ලබා ගැනිමේදී ටෙන්ඩර්කරු විසින් තම ජාතික හැදුනුම්පත ඉදිරිපත් කර අනන්‍යතාවය තහවුරු කල යුතුය.

04.වැඩි විස්තර සතියේ දින වල කාර්යාලයට පැමිණ හෝ 041-2240208 යන දුරකථන අංකය ඇමතීමෙන් විමසා දැන ගත හැකිය.

  1. තෝරා ගත් ලංසුකරුවන්ගේ ටෙන්ඩරයේ සඳහන් වන මුදල එකවර හෝ මාසිකව ගෙවිම් කළ හැකිය.
  • පොදු වෙළදපොළ සදහා ලංසු මුදලෙන් ¼ ක ආරක්ෂිත ඇපයක් අය කරනු ලැබේ.
  • තෝරා ගත් ලංසුකරුවන්ගේ ටෙන්ඩරයේ සඳහන් වන මුදලට අතිරේකව ටෙන්ඩර් වටිනාකමින් සෑම රු.1000.00 ක් හෝ ඉන් කොටසකට රු.10.00 බැගින් වු මුද්දර බද්දක් එකවර ගෙවා ගිවිසුම් ගත විය යුතුය.
අනු අංකය විස්තරය අවම ලංසුව තැන්පත් මුදල පෝරම ගාස්තු
01. තෙලිජ්ජවිල පොදු වෙළඳ පොළ 640500.00 10 000.00 250.00
02. මාලිම්බඩ පොදු වෙළඳ පොළ 300000.00 5000.00 250.00
03. හොරගොඩ පොදු වෙළඳ පොළ 10000.00 1500.00 250.00
04. ශාන්තිවත්ත ඉඩම 5000.00 500.00 250.00
05. සෙන්ට්‍රල් පාක් ඉඩමේ  කුරුදු ඵලදාව 50000.00 1000.00 250.00
06. පරණවත්තහේන ඉඩම 2500.00 500.00 250.00
07. තෙලිජ්ජවිල පොදු වැසිකිලි පද්ධතිය 2500.00 500.00 250.00
08. මාලිම්බඩ පොදු වැසිකිලි පද්ධතිය 1500.00 250.00 250.00
09. නැටැව්වත්ත ඉඩම 5000.00 500.00 250.00

 

2024.12.26 දින මාලිම්බඩ ප්‍රාදේශීය සභා කාර්යාලයේ දී.

 

ලේකම්,

ප්‍රසම්පාදන කමිටුව,

මාලිම්බඩ ප්‍රාදේශීය සභාව.

Previous 2025 වර්ෂය සඳහා සැපයුම්කරුවන් ලියාපදිංචි කිරීම

Connect With Us

ලිපිනය:

නො. 21/A/1,

මාලිම්බඩ ප්‍රාදේශීය සභාව,

මාලිම්බඩ, මාතර.

වීවෘත කාලසීමාව:

සඳුදා සිට සිකු: 08:00  – 06.00