මාලිම්බඩ ප්‍රාදේශීය සභාව සඳහා රඳවනය සමග සේප්පුවක් හා පුටු මිලදී ගැනීම වෙනුවෙන් මිල ගණන් කැඳවීම.

  • මාලිම්බඩ ප්‍රාදේශීය සභා කාර්යාලය සඳහා පුටු හා සේප්පුවක් (රඳවනය සමග) මිලදී ගැනීම වෙනුවෙන් මිල ගණන් කැඳවනු ලැබේ.
  • වැඩිදුර තොරතුරු සඳහා පහත සඳහන් කාර්යාලීය වෙබ් අඩවිය භාවිතා කරන්න.
  • ඔබගේ මිල ගණන් හා අවශ්‍ය පිරිවිතර 2024 මැයි 20 දිනට පෙර ඉදිරිපත් කරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

ලිපිනය – ලේකම්, ප්‍රාදේශීය සභාව,මාලිම්බඩ,පාලටුව,මාතර.

වෙබ් අඩවි ලිපිනය – www.malimbadaps.lk

කාර්යාලය – 041-2240208(සැපයුම් නිළධාරී)

 

ලේකම්

ප්‍රාදේශීය සභාව

මාලිම්බඩ.

 

ඉහත පුවත්පත් දැන්වීමට අදාල තොරතුරු පහත සඳහන් පරිදි වේ.

  1. මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ සභා රැස්වීම් ශාලාව සඳහා සහ කාර්යාලය සඳහා විධායක පුටු 02ක් ,හයිබැක් පුටු 16 ක් හා ලෝබැක් පුටු 04ක් සහ සේප්පුවක් (රඳවනය සමග) මිලදී ගැනීමට අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා මිල ගණන් කැඳවනු ලැබේ.
  2. විධායක පුටු 02 – කලු පැහැති හා

හයිබැක් පුටු 16  හා ලෝබැක් පුටු 04 – නිල් පැහැති විය යුතුය.

  1. ඉහත ද්‍රව්‍ය සඳහා ඔබගේ මිල ගණන් 2024 මැයි මස 20 වන දිනට පෙර ලියාපදිංචි තැපෑල මගින් ඉදිරිපත් කල යුතුය.

ලිපිනය – ලේකම්, ප්‍රාදේශීය සභාව,මාලිම්බඩ,පාලටුව,මාතර.

මිල ගණන් එවිමේදී පහත සඳහන් කොන්දේසි සලකා බලනු ලැබේ.

  1. පුටු හා සේප්පුව (රඳවනය සමග) සඳහා මිල ගණන් ඉදරිපත් කිරීමේදී ඔබ ඉදිරිපත් කරනු ලබන මිල ගණන් වලට අදාලව ඡායා රූප ඉදිරිපත් කරන්න.(Catalogue Book එකක් තිබේ නම් වඩාත් සුදුසුයි.)
  2. පුටු හා සේප්පුව (රඳවනය සමග) සඳහා විවිධ සන්නම් නාමයන් යටතේ වෙන වෙනම මිල ගණන් සඳහන් කළ යුතුය.
  • ඉහත ද්‍රව්‍ය සඳහා ලබාදෙන වට්ටම් වෙන වෙනම සඳහන් කරන්න.
  1. ඉහත ද්‍රව්‍ය සඳහා වගකීම් කාලය වෙන වෙනම සඳහන් කළ යුතුය.
  2. ඇණවුම ඉදිරිපත් කර දින 03ක් ඇතුලත භාණ්ඩ සැපයීමට හැකියාව තිබිය යුතුය.
  3. ද්‍රව්‍ය ණය පදනම මත සැපයිය යුතුය.(ණය කාල සීමාව මාස 01) ඔබගේ ණය කාල සීමාව වෙනස් වන්නේ නම් එම ණය කාල සීමාව පැහැදිලිව සඳහන් කරන්න.
  • තවද සැපයම්කරුවන් ලියාපදිංචි කිරීමේදී ඉදිරිපත් කල කොන්දේසි පිළීබඳව අවධානය යොමු කරන්න.
  • මිලදී ගනු ලබන භාණ්ඩ නොමිලේ ප්‍රවාහනය කර දිය යුතුය. ප්‍රවාහන ගාස්තු අය කරන්නේ නම් ඒ පිළිබඳව පැහැදිලිව සඳහන් කරන්න.
  1. මිල ගණන් ඉදිරිපත් කිරීමේදී පහත පරිදි ආකෘතියක් භාවිතා කරන්න.
අනු අංකය වර්ගය මිලදී ගනු ලබන ප්‍රමාණය ඒකකයක මිල රු. වට්ටම

රු.

මුළු වටිනාකම රු.

 

  • වැඩිදුර තොරතුරු සඳහා මෙම දුරකථන අංකය භාවිතා කරන්න.

දුරකථන අංකය :- 041-2240208 (සැපයුම් නිළධාරී)

 

ලේකම්

ප්‍රාදේශීය සභාව

මාලිම්බඩ.

Previous මාලිම්බඩ ප්‍රාදේශීය සභාව සඳහා තිරරෙදි යෙදීම වෙනුවෙන් මිල ගණන් කැඳවීම.

Connect With Us

ලිපිනය:

නො. 21/A/1,

මාලිම්බඩ ප්‍රාදේශීය සභාව,

මාලිම්බඩ, මාතර.

වීවෘත කාලසීමාව:

සඳුදා සිට සිකු: 08:00  – 06.00