ලංසු සඳහා යෝජනා කැඳවීම – උපදෙස් හා කොන්දේසි
මාලිම්බඩ ප්‍රාදේශීය සභාව
මාලිම්බඩ පොදු වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම
ප්‍රතිපාදන සම්පාදනය – පළාත් නිශ්චිත සංවර්ධන ප්‍රදාන
ප්‍රසම්පාදන අංකය – MPS/03/11/PSDG/02
- මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුව විසින් මාලිම්බඩ ප්‍රාදේශීය සභාව වෙනුවෙන් පහත සඳහන් ව්‍යාපෘතිය සඳහා වෙළඳපොළ මිල සැඳහුම් ක්‍රමය මඟින් අවශ්‍ය යොග්‍යතාවය සහ සුදුසුකම් සහිත ලංසුකරුවන්ගෙන් මුද්‍රා තබන ලද ලංසු ඇරයුම් කරනු ලැබේ.
| වැඩ යෝජනාව | ආපසු නොගෙවන ලංසු ලේඛන ගාස්තු | ආපසු ගෙවන ලංසු සුරක්ෂණය | ඇස්තමේන්තු මුදල (වැට් රහිත) |
| මාලිම්බඩ පොදු වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම | රු.1500.00 | රු.15000.00 | රු.770399.27 |
කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා පහත යෝග්‍යතා සපුරා තිබිය යුතුයි.අනෙකුත් කරුණු ප්‍රසම්පාදන ලේඛන වල අන්තර්ගත වේ.
- 08.06 දිනට මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ ඉදිකිරීම් සඳහා ලියාපදිංචි හා මුදල් චක්‍රලේඛ 4/2016 ( III ) අනුව ඉදිකිරිම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA ) ගොඩනැගිලි සඳහා ලියාපදිංචි C9 හා C9 න් ඉහල ශ්‍රේණිවල කොන්ත්‍රාත්කරුවන් හට කොන්ත්‍රාත්තුව පිරිනමනු ලබයි.
- ලංසු ලේඛන 2025.08.13 දින සිට 2025.08.26 දින දක්වා කාර්යාල වැඩ දිනවලදී පෙ.ව.8.30 සිට ප.ව.3.00 අතර කාලය තුල ලිඛිත අයදුම්පතක් ඉදිරිපත් කොට රු.1500.00 ක ආපසු නොගෙවන ලංසු ලේඛන ගාස්තුවක් ගෙවා මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ පෙරටු කාර්යාලයෙන් ලබාගත හැක.
- ලංසු යෝජනා 08.27 දින ප.ව.2.00 ට පෙර මෙහි සඳහන් ආකාර වලට මාලිම්බඩ ප්‍රාදේශීය සභාව වෙත ලැබීමට සැලැස්වීමෙන් ලංසුපත් ඉදිරිපත් කල හැක.
- ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ කුරිය තැපෑලෙන් එවීම
- කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහාලීම.
- ප්‍රාදේශීය සභා ගරු සභාපති/ලේකම් වෙත භාර දීම.
- ලංසු ඉදිරිපත් කිරීමේදී රු.15000.00ක ලංසු සුරක්ෂණයක් ඉදිරිපත් කල යුතු අතර මෙම සුරක්ෂණය ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගත් බැංකු ඇපකරයක් මඟින් හෝ මාලිම්බඩ ප්‍රාදේශීය සභාව වෙත මුදල් තැන්පතුවකින් තැබිය හැක.
- මුදල් තැන්පතුවක්නම් රිසිට් පතේ මුල් පිටපත ලංසුවේ මුල් පිටපත සමඟ අමුණා භාර දිය යුතුයි.
- ලංසු සුරක්ෂණය ලංසු පතෙහි සඳහන් ආකෘතිය පරිදිම විය යුතුයි.
- මෙම සුරක්ෂණය ලංසුපත් විවෘත කරන දින සිට දින 77 ක් දක්වා වලංගු විය යුතුයි.
- ඔබගේ ලංසුපත් මුල් පිටපත හා අනු පිටපත ලෙස පිටපත් 02කින් යුක්ත විය යුතු අතර ඒවා වෙන වෙනම මුද්‍රා තබා, කවරයේ පිටත මුල් පිටපත හා අනුපිටපත ලෙස පැහැදිලිව සඳහන් කර,නැවත එම පිටපත් දෙක එක් කවරයක බහා එහි වම් පස ඉහල කෙලවරේ මාලිම්බඩ පොදු වැසිකිලි පද්ධතිය අළුත්වැඩියා කිරීම සඳහා ලංසුපත් යනුවෙන් සඳහන් කළ යුතු වේ.
- ලංසු ලේඛන භාර ගැනීම අවසන් වු වහාම ලංසු විවෘත කෙරෙන අතර ලංසු ඉදිරිපත් කර ඇති ලංසුකරුට හෝ ඔහු විසින් බලය පවරා ඇති නියෝජිතයකුට එම අවස්ථාවට සහභාගි විය හැකිය.
- ලංසු ලේඛන නිවැරදිව සම්පූර්ණ කල යුතු වන අතර අඩුපාඩු සහිත ලංසු ප්‍රතික්ෂේප කරනු ලැබේ.
- ලංසු ඉදිරිපත් නොකර අයදුම්පත් ලබා ගන්නා අයගේ ලංසු ලේඛන ගාස්තු රජයේ ආදායමට බැර කිරීමට හැකියි.
- ප්‍රසම්පාදන කමිටු තීරණ අවසන් තීරණය වේ.
- වැඩිදුර තොරතුරු සඳහා පහත සඳහන් කාර්යාලීය වෙබ් අඩවිය භාවිතා කරන්න.
වෙබ් අඩවි ලිපිනය – www.malimbadaps.lk
දුරකථන අංකය – කාර්යාලය – 041-2240208 (ලේකම් හෝ කර්මාන්ත විෂය නිලධාරී)
ෆැක්ස් අංකය – 041-2240093
ඊ මේල් ලිපිනය – malimbada.ps@gmail.com