මාලිම්බඩ ප්‍රාදේශීය සභාවේ ප්‍රසම්පාදන කමිටුව විසින් කොම්පෝස්ට් අංගනයේ ගබඩා කාමරයක් සහ කොන්ක්‍රීට් තට්ටුව සංවර්ධනය කිරීම සඳහා සීමිත ජාතික තරඟකාරි ලංසු කැඳවීම මඟින් මුද්‍රා තබන ලද ලංසු කැඳවනු ලැබේ.
ඇස්තමේන්තු මුදල රු.3,432,228.28
මුදල් චක්‍රලේඛ 4/2016 ( III ) අනුව ඉදිකිරිම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ (CIDA ) ගොඩනැගිලි සඳහා C6 හෝ C7 ශ්‍රේණිවල දකුණු පළාත තුල ලියාපදිංචි කොන්ත්‍රාත්කරුවන්ට කොන්ත්‍රාත්තුව පිරිනමනු ලබයි.
ලංසු ලේඛන 2025.07.09 දින සිට 2025.24 දින දක්වා පෙ.ව.8.30 සිට ප.ව.3.00 අතර කාලය තුල ලිඛිත අයදුම්පතක් ඉදිරිපත් කොට රු.2500.00 ක ආපසු නොගෙවන ලංසු ලේඛන ගාස්තුවක් ගෙවා ලබාගත හැක.
ඉදිරිපත් කරන ලංසු සඳහා රු.60,000.00 ක ආපසු ගෙවන ලංසු සුරක්ෂණයක් මුදලින් හෝ බැංකු සුරක්ෂණයකින් ඉදිරිපත් කල යුතුය.
ලංසු ලේඛන ඉදිරිපත් කිරීමේදී අප විසින් ඉදිරිපත් කර ඇති ලංසු අයදුම්පතක් භාවිතා කරන්න.එම අයදුම්පත් කාර්යාලයට පැමිණ ලබා ගත හැක.
ලංසු පිටපත් 07.24 දින පෙ.ව.10.30 ට පෙර පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවීම හෝ කාර්යාලයේ තබා ඇති ටෙන්ඩර් පෙට්ටියට බහා ලීමෙන් ඉදිරිපත් කළ හැකිය. ලංසු ලේඛන භාර ගැනීම අවසන් වු වහාම ලංසු විවෘත කෙරෙන අතර ලංසු ඉදිරිපත් කර ඇති ලංසුකරුට හෝ ඔහු විසින් බලය පවරා ඇති නියෝජිතයකුට එම අවස්ථාවට සහභාගි විය හැකිය.
වැඩිදුර තොරතුරු සඳහා පහත සඳහන් දුරකථන අංක ඔස්සේ ලේකම් හෝ කර්මාන්ත විෂය නිලධාරී ඇමතීම මඟින් හෝ වැඩ කරන දිනවල කාර්යයාල වේලාවන්හිදී කාර්යාලයට පැමිණීමෙන් දැන ගත හැක.
ලිපිනය – සභාපති, මාලිම්බඩ ප්‍රාදේශීය සභාව,මාලිම්බඩ, පාලටුව
වෙබ් අඩවි ලිපිනය – www.malimbadaps.lk
දුරකථන අංකය – කාර්යාලය – 041-2240208 (ලේකම් හෝ කර්මාන්ත විෂය නිලධාරී)
ෆැක්ස් අංකය – 041-2240093
ඊ මේල් ලිපිනය – malimbada.ps@gmail.com